ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු නොවන බව කමිඳු මෙන්ඩිස් පවසනවා.
කෙසේ වෙතත් හෙට දිනයේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය සඳහා ඔහුට සහභාගී වීමට හැකියාවක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු සඳහන් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
“වනිඳු ලෙඩ වෙලා ඉන්නේ, මේ අවස්ථාව වන විට. උන හැදිලා තියෙද්දී තමා කලින් මැච් එකත් සෙල්ලම් කළේ. හෙට මැච් එකට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපිට තරග දෙකක් ඉතුරුවෙලා තියෙනවා. අපි දැනට දෙකයි දිනලා තියෙන්නේ. ඒත් එක්කම කියන්න ඔනේ, අපි මැච් දෙකක් දින්නාට, හොඳට තරගාවලිය සෙල්ලම් කළා. එක මැච් එකක් ලකුණු දෙකකින් පරාජය වුණා. අනිත් මැච් දෙකක් විතර ළඟ ළඟ ගියා. කණ්ඩායමක් විදිහට අපි හොඳ තත්ත්වයක ඉන්නවා. අපිට තවත් තරග දෙකක් තියෙනවා. ඒ දෙක දිනන්න ඔනේ, ටේබල් එකේ උඩට එන්න.”


