Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රාත්‍රියේ කොළඹ අහසේ ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්

2 years ago

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

LPL අවසන් මහා තරගය වර්ණවත් කරමින් මෙරට ඉතිහාසයේ පළමු වරට ඩ්‍රෝන 500ක් එකවර ගුවන්ගත කෙරෙන ප්‍රදර්ශනයක් අද ප්‍රේමදාස පිටියේදි සිදු කෙරෙන බව ක්‍රිකට් ආයතනය පවසනවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL අවසන් මහා තරගයට පිවිසියේ හතරවැනි වරට වන අතර ඔවුන් 2020, 2021 සහ 2022 වසරවල ශුරතාව දිනාගෙන තිබේ.