Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණ පරදා උතුර LPL ශූරතාවය දිනයි! කුසල් මෙන්ඩිස්ගෙන් හා රූසොව්ගෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්!

2 years ago

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය චරිත් අසලංක දිනාගත් අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු ගෝල් කණ්ඩායම ට ආරාධනා කළේය.

ඒ අනුව ගෝල් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 184ක් රැස්කළේය.

ලකුණු 185ක ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දැවී ගියේය.

දෙවැනි කඩුල්ලට ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සමගින් එක් වූ රයිලි රූසෝව් ජයග්‍රාහී අවසන් ලකුණ දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් කණ්ඩායම දිනවීමට කටයුතු කළා.

එහිදී ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 185ක සබඳතාවක් ගොඩනැගූ අතර, එය එල්.පී.එල්. ඉතිහාසයේ කඩුල්ලක් සඳහා වාර්තා වූ දැවැන්තම සබඳතාවයයි.

රූසෝ නොදැවී ලකුණු 106යි. මෙන්ඩිස් නොදැවී ලකුණු 72යි.

ඒ අනූව එල්පීඑල් ශූරතාවය සිව් වැනි වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.