ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී එක්දින හා විස්සයි විස්ස තරග තුන බැගින් පැවැත්වීමට නියමිතය.
විස්සයි විස්ස තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පළමු විස්සයි විස්ස තරගය එළැඹෙන 27 වනදා ඇරඹෙන අතර ඉතිරි විස්සයි විස්ස තරග දෙක 28 වනදා හා 30 වනදා පැවැත්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිය පහතින් දැක්වේ.
චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
චමිඳු වික්‍රමසිංහ


