ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ අවසන් තරගය අද(24) රාත්‍රී 7.00ට තාතායිලන්ත කණ්ඩායම සමඟින් පැවත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් අවසන් පූරව වටේ ස්ථානයක් වෙන් කරගෙන අවසානයි.
මෙවර තරගාවලියේ මූලික වටයේ දී “බී” කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ද්විත්වයම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.
මේ අතර අයිසීසීය නිකුත් කළ නවතම කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන කිහිපයකින් ඉදිරියට යෑමට චමරි අතපත්තු හා ඉනෝෂී ප්‍රියදර්ශනී සමත්ව තිබෙනවා.




