ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය අද (27) රාත්‍රී 7.00ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායක චරිත් අසලංක මාධ්‍ය පැවසුවේ තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නන් තිදෙනෙක් ආබාධ හා අසනීප තත්ත්වයන්ට ලක්වීම සම්බන්ධයෙන් නායකයෙක් ලෙස කණගාටුවට පත්වන බවයි.
නමුත් එවැනි අභියෝගයන්ට මුහුණදීමට නායකයෙක් ලෙස තමා සූදානම් බවයි චරිත් එහිදී සඳහන් කර සිටියේ.
එමෙන්ම එම ක්‍රීඩකයින් වෙනුවෙන් හොද ආදේශක ක්‍රීඩකයින් මේ වනවිටත් කණ්ඩායමට එක්ව ඇති බවත් ඔවුන්ගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ගැනීමට තමා සූදානම් බවත් ඔහු පවසා සිටියා.
තරගාවලිය ආරම්භයට පෙර කණ්ඩායම් දෙකේම නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චරිත් අසලංක මෙම අදහස් පළ කර සිටියා.


