Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට ලකුණු 43ක පරාජයක්! සංගාගේ වාර්තාව පැතුම් බිඳ හෙලයි!

2 years ago

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 213ක් රැස් කළේය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 58ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 49ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත්තේය.

ඒ අනුව ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 19යි පන්දු 02ක දී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 170ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට පන්දු 52කින් ලකුණු 84ක සාර්ථක ආරම්භයක් ලබාදුන්නද, සෙසු පිතිකරුවන්ට එය ජයග්‍රාහී අවසානයක් කරා රැගෙන යාමට නොහැකි විය.

ඉනිම ගොඩනැගීමේදී පැතුම් නිස්සංක පන්දු 48කින් ලකුණු 79ක් රැස්කිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඉන්දියාවට එරෙහිව ලබාගත් වැඩිම විස්සයි20 ලකුණු සංඛයාව ලෙසින් වාර්තා අතරට එක්විය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා සිටියේ කුමාර් සංගක්කාර වන අතර, ඔහු 2009 වසරේදී නාග්පූර්හිදී පැවැති තරගයකදී පන්දු 37කින් ලකුණු 78ක් රැස්කර තිබුණා.

ඉන්දියාව වෙනුවෙන් අක්සාර් පටෙල් (2/38), අර්ෂ්දීප් සිං (2/24) හා රියාන් පරාග් (5/3) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවා.

තරගයේ වීරයා ලෙසින් සූර්යකුමාර් යාදව් සම්මාන දිනාගත්තා.