Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 16ක් පැරණි මයිකල් පෙල්ප්ස්ගේ වාර්තාවක් බිඳ වැටෙයි

2 years ago

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඊයේ (28) පිරිමි මීටර් 400 පිහිනුම් කේවල ඉසව්ව නව තරග වාර්තාවක් සමඟින් ජයග්‍රහණය කිරීමට ප්‍රංශ ක්‍රීඩක ලියොන් මාර්චන්ඩ් සමත් වුණා.

එහිදී ඔහුට තරගය නිම කිරීම සඳහා 4:02.95ක කාලයක් ගත විය.

ඔහු මෙලෙස බිඳ දැමුවේ 2008 බීජිං ක්‍රීඩා උළෙලේදී මයිකල් පෙල්ප්ස් විසින් පිහිටුවන ලද වාර්තාවයි.

තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන ලියෝන් දිනා ගත් පළමු ඔලිම්පික් රන් පදක්කම මෙය වීමද විශේෂත්වයක්.