Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් උපන් එංගලන්තයෙන් කුමාර සංගක්කාරට ලොකු පුටුවක් ?

2 years ago

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර තෝරාගැනීමට එංගලන්ත බලධාරීන්ගේ වැඩි කැමැත්තක් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වත්මන් එක්දින පුහුණුකරු ලෙසින් ඔස්ට්‍රේලියානු ජාතික මැතිව් මෝට් කටයුතු කරන අතර, දෙවසරකට ආසන්න (2022 වසරේදී සිට) මෝට්ගේ සේවය ලබන සතියේදී අවසන් වීමට නියමිතව ඇත.

සංගක්කාර 2021 ජනවාරි මාසයේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරයි.

එම කාලය තුළ රාජස්ථාන් කණ්ඩායම විශේෂ පරිවර්ථනයකට ලක් කිරීමට ඔහු සමත් විය.

එමෙන්ම රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස වත්මන් එංගලන්ත නායක ජොෂ් බට්ලර් කටයුතු කරයි.

ඒ අනුව බට්ලර් හා සංගක්කාර අතර තිබෙන්නා වූ එම හුරුපුරුදු බවද සංගාගේ තෝරාගැනීමට තවත් විශේෂ හේතුවක් වී තිබේ.

කෙසේ නමුත් සංගක්කාරට අමතරව ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයිකල් හසී සහ ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරු මෙන්ම එංගලන්ත හිටපු පිතිකරු ජොනතන් ට්‍රොට් ද එංගලන්ත එක්දින පුහුණුකාරිත්වය අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.