ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය අද (02) ආරම්භ වීමට නියමිතයි.
තරහය අද පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
රෝහිත් ෂර්මා අද තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන අතර ඔහු එක්දින තරගයකට සහභාගී වන්නේ මාස 8කට පසුවයි.
ඔහුට අමතරව විස්සයි විස්ස තරගාවලිය නියෝජනය නොකළ විරාත් කෝලි, කේ.එල් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් ද එක්දින සංචිතයට එක්ව සිටිනවා.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර් එක්වීමෙන් පසු පැවැත්වෙන පළමු එක්දින තරගාවලිය මෙයයි.
සූරියකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තේය.
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ


