ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට නියමිතයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.50ට පමණ ආරම්භ වේ.
ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර, තරුෂි සහභාගීවන්නේ එහි හයවන තරගයටයි.
තරුෂි මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගන්නා විට ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානයේ පසු වූවාය.
තරුෂි තරග වදින මූලික වටයේ හයවැනි තරගයේදී ඇයගේ ප්‍රතිවාදීන් වශයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ සිටින ජැමෙයිකානු ක්‍රීඩිකා නටෝයා ගුල්ද, 10 වැනි ස්ථානයේ පසුවන ඇමරිකාවේ ඇලී විල්සන්ද තරග වැදීමට නියමිතය.


