ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත් වේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.
එහිදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් දුනිත් වෙල්ලාගේ පන්දු 65 හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 67ක් රැස් කරගැනීමට සමත් විය.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 56ක් ලබා ගත් අතර වනිඳු හසරංග ලකුණු 24ක් සහ ජනිත් ලියනගේ ලකුණු 20ක් ලබාගත්තේය.
පන්දු යැවීමේ දී අක්ෂර් පටේල් කඩුලු දෙකක් දවාගත්තා.


