Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තියුණු තරඟයකින් පසු පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව නිම වෙයි

2 years ago

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර අද (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරායෙන් තොරව අවසන් වුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලකක්යක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47.5ක් තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 230ක්.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු සමවීමෙන් අවසන් වූ 45 වන තරගය ලෙසයි මෙය වාර්තා පොත් අතරට එක් වූයේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.

එහිදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් දුනිත් වෙල්ලාගේ පන්දු 65 හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 67ක් රැස් කරගැනීමට සමත් විය.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 56ක් ලබා ගත් අතර වනිඳු හසරංග ලකුණු 24ක් සහ ජනිත් ලියනගේ ලකුණු 20ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී අක්ෂර් පටේල් කඩුලු දෙකක් දවාගත්තා.