Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙවෙනි තරගයෙන් තරුෂිට හිමි වූ තැන

2 years ago

පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තුවත් තබා සිටි ඉසව්වක් වූ තරුෂි කරුණාරත්නගේ කාන්තා මීටර 800 ඉසව්වේ අවසන් බලාපොරොත්තුවත් අද (03දා) සම්පූර්ණයෙන් බොඳවී ගියේය.

මෙම ඉසව්වේ ඊයේ (02දා) පැවැති මූලික තරගවලදී සාර්ථක වීමට තරුෂිට නොහැකි වුවත්, ඇයට අද දිනයේදී නැවත වරක් තරග වැඳීමට අවස්ථාව හිමිවිය.

ඒ අනුව 04වැනි මූලික තරගයට තරුෂි එහි දී වාර්තා කළ කාලය විනාඩි 02.06.66ක්.

ජර්මන් ක්‍රීඩිකා Majtie Kolberg එහි ප්‍රථම ස්ථානය දිනාගත්තේ, විනාඩි 01.59.08ක කාලයක් වාර්තා කරමින්.

තරගය විනාඩි 01.59.31කින් නිමාවට පත් කළ කෙන්යානු ක්‍රීඩිකා Vivian Chebet Kiprotich එහි දෙවන ස්ථානය දිනාගත්තා.

ඒ අනුව තරුෂි ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වුණා.

තරුෂිට හිමිවූ මෙම දෙවැනි අවස්ථාව නැතිනම් Repechage round යනු මූලික වටයේ අසාර්ථක වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබාදෙන දෙවැනි අවස්ථාවක් වන අතර, ඔලිම්පික් ඉතිහාසයේ එවන්නක් ලබාදෙන පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකෙයි.