Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

wanindu hasaranga

වනිඳු හසරංගට එක්දින තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

2 years ago

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි  එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වී තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරගයේ පන්දු යවමින් සිටියදී ඔහු පාදයේ ආබාධයකට ලක් වූ අතර ඒ බව සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද තහවුරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මෙහිදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියේ හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බවයි.