ශාන්ත ලුසියාවේ 23 හැවිරිදි JULIEN ALFRED මීටර් 100 ඔලිම්පික් කාන්තා රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණි.
ඇය තත්පර 10.72කින් තරගය නිම කරමින් ඔවුන්ගේ ජාතික වාර්තාවද අලුත් කළේය.
එම ඉසව්වේ වත්මන් ලෝක ශූරිය වන Sha’Carri Richardsonට එහෙම වූයේ දෙවන ස්ථානයයි. ඇය වාර්තා කළ කාලය තත්පර 10.87කි.
තත්පර 10.92ක දක්ෂතාවයක් දැක්වූ මෙලිසා ජෙෆර්සන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙය ශාන්ත ලුසියා ඔලිම්පික් ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කමයි.


