ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් රාත්‍රි 11.05ට පමණ පැවැත්වෙන අවසන් පූර්ව වටයේ දෙවන තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන මංතීරු අංක 4 යටතේ තරග වදිනු ඇත.
ඔහු මේවන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවන අතර එම තරගය සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 4, 10, 13, 21,28, 31, 33 ස්ථානවල පසුවන ක්‍රීඩකයන් සහභාගී වීමට නියමිතයි.
ඔහු පසුගියදා පැවති මූලික වටයේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.
අද පැවැත්වෙන අවසන් පූර්ව වටයට ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන් 24 දෙනාගෙන් හොඳම කාලය සටහන් කර ඇති 17 වැනියා ලෙස අරුණ දර්ශන පත්ව තිබෙනවා.


