Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අරුණ දර්ශන වාර්තා කළ හොඳම කාලය අවලංගු කිරීමට තීරණයක්

2 years ago

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ  මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

ඔහු ඊයේ(06) සහභාගී වූ ඔලිම්පික් පිරිමි මීටර 400 ඉසව්වේ තත්පර 44.75ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.

ඒ අනුව අරුණ දර්ශනට 05 ස්ථානය හිමි විය.

එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්වුණු අතර ඔහුගේ දක්ෂතාව දෙවැනි වුණේ සුගත් තිලකරත්නට පමණයි.

කෙසේ නමුත් ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබන්නට අරුණ දර්ශන ඊයේ (06) හැකිවුණා.