සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය අද (07) පස්වරුවේ පැවැත්වෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට තරගය පැවැත්වෙනු ඇති.
පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත්, දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදා ලකුණු 32කින් ජය ගැනීම හේතුවෙන් මෙම තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මකයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වුවහොත් තරගාවලි ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන අතර, ඉන්දීය කණ්ඩායම ජයගතහොත් තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වනු ඇත.
යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාව ලබන තෙවැනි තරගාවලි ජය ලෙස ඉතිහාසයට එක්වන අතර ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබන්නේ අවුරුදු 27කට පසුවීම ද විශේෂත්වයක්.


