ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ජාතික ශූරිය වන නදීශා දිල්හානි ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වුණා.
ඒ, ඇය විසින් ඊළඟ වටය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.
A කාණ්ඩය යටතේ තරග වැදුණු ඇය එහි දී වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 53.66ක්.
ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට වාර්තා කළ යුතුව තිබූ දුර ප්‍රමාණය මීටර් 62ක්.
නදීශා සහභාගී වූ මූලික වටයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගී වූ අතර එහි දී ඇයට හිමි වූයේ 16 වන ස්ථානයයි.
දකුණු අප්‍රිකාවේ J.A van Dyk මීටර් 64.22ක්, ඔස්ට්‍රේලියාවේ M. Little මීටර් 62.82ක් සහ K. Mitchel මීටර් 62.40ක් වාර්තා කරමින් ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
දිල්හානි ලේකම්ගේ ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් මේ වන විට 25 වැනි ස්ථානයේ පසුවෙනවා.
ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ මේ ඉසව්වෙන් ~ ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවැනි ඔලිම්පික් ක්‍රීඩිකාව ද වෙනවා.
කෙසේ වෙතත් මීට මාස දෙකකට පෙර කොරියාවේදී පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනාගනිමින් මීටර් 57.94ක් දුර හෙල්ල විසි කළ දිල්හානි මාස 10කට පෙර චීනයේ හැන්ග්ස්හි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 61.57ක දක්ෂතාවකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ආසියානු රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.
