වසර 40 කට පසු ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට පාකිස්ථානය ඊයේ(08) සමත් වුණා.
පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (08) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ තරඟයේදී පාකිස්ථානයේ මලල ක්‍රීඩක අර්ෂාඩ් නදීම් මෙම දස්කම දැක්වීමට සමත් විය.
නදීම්ගේ පළමු විසි කිරීමේදී ඔහු නුසුදුස්සකු වූ නමුත්, දෙවැනි විසි කිරීමේදී මීටර් 92.97ක දුරක් වාර්තා කරමින් රන් පදක්කමක් ලබාගත් පළමු පකිස්ථාන මලල ක්‍රීඩකයා බවට ඔහු පත්වූවා.
ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චොප්රා රිදී පදක්කම දිනා ගත් අතර, ඔහු මීටර් 89.45ක දුරක් වාර්තා කර තිබෙනවා.
එමෙන්ම ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 88.54ක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.
පකිස්ථානය අවසන් වරට ඔලිම්පික් පදක්කමක් දිනා ඇත්තේ 1992 වසරේදීය.
එවර ඔවුන් හොකී ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ඇති අතර ඒ නෙදර්ලන්ත් කණ්ඩායම පරාජයට පත් කරමින්.


