Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුපිරි ජයක් ලබයි

2 years ago

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය ජය ගත්තේ කඩුලු 07 කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 145ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 16යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 86ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරිය වුණා. ආරම්භක පිතිකාරිණි විශ්මි ගුණරත්න රැස්කළ ලකුණු සංඛ්‍යාව 30ක්.

ඒ, අනුව මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.