එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වූ ග්රැහැම් තෝර්ප් ගේ අභාවය සියදිවි නසා ගැනීමකින් සිදු වූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ බව තෝර්ප්ගේ බිරිඳ අමන්දා විසින් හෙළිකර තිබෙනවා.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහු සිය දිවියේ අවසාන කාලයේ මානසික පීඩනයකින් දුක්විඳි බවයි.
වසර දෙකකට ආසන්න කාලයක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි තෝර්ප් ඉකුත් 05 වැනිදා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 55 වැනි වියේ පසු විය.
කෙසේ නමුත් තොර්ප්ගේ බිරිඳ අනාවරණය කරන තෙක්ම ඔහුගේ මිය යෑමට හේතුව පිළිබඳ කිසිඳු සඳහනක් නොතිබුණි.
2022 මාර්තු මාසයේදී තෝර්ප් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළත්, එම පත්කිරීමෙන් ටික කලකට පසු ඔහු එම තනතුරෙන්ද ඉවත්ව නිහඬව කටයුතු කළේය.
එතැන් සිට මිය යන තෙක්ම තෝර්ප්ගේ කටයුතු පිළිබඳ සියලු තොරතුරු ලෝකයෙන් වසන් කිරීමට ඔහු කටයුතු කළේය.
වසර 12කට ආසන්න කාලයක් (1993 – 2005) එංගලන්තය නියෝජනය කළ තෝර්ප්, ටෙස්ට් තරග 100කට හා එක්දින තරග 82කට ක්‍රීඩාකළ කීර්තිමත් වමත් පිතිකරුවෙකි.
ඔහු ටෙස්ට් ලකුණු 6744ක් රැස් කළ ඇත්තේ 44.7ක් වැනි ඉහළ ලකුණු සාමාන්‍යයක් පවත්වා ගනිමිනි.


