Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිරෝෂන් දික්වැල්ලට වසර 4ක තරග තහනමක් ?

2 years ago

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් තහනමකට ලක්වී සිටින ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු එහිදී වරදකරු බවට පත්වුවහොත් ඔහුට වසර හතරක තරග තහනමක් පැනවෙන බවයි.

මෙවර එල්.පී.එල් තරගාවලිය අතරතුර තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සමඟ එක්ව තහනම් උත්තේජක විරෝධී උල්ලංඝනයන්ගෙන් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා අහඹු ලෙස දේශීය තරඟාවලි අතරතුර මෙම පරීක්ෂණ පවත්වනු ලබනවා.