Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් ඉතිහාසය වෙනස් වෙයි! යුවරාජ් සිංග් පිහිට වූ වසර 17ක් පැරණි වාර්තාවක් සැමෝවා ක්‍රීඩකයෙක් බිඳ දමයි!

2 years ago

පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගයක දී එක් පන්දු වාරයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට සැමෝවා කණ්ඩාමේ පිතිකරුවෙක් සමත් වී තිබෙනවා.

ඩේරියර් විසර් නම් ඔහු එක් පන්දු වාරයක් තුළ ලකුණු 39ක් රැස් කරමින් එම වාර්තාව අලුත් කර තිබේ.

ඒ වනුවාටු රාජ්‍යය සමඟ පැවති තරගයකදීයි.

එහි දී අදාළ පන්දු යවන්නා එම පන්දුවාරයේ දී නිලකුණු පන්දු 3ක් ද යොමු කර තිබීම විශේෂත්වයකි.

මෙම තරගය ICC පිරිමි T20 ලෝක කුසලාන උප කලාපීය නැගෙනහිර ආසියානු පැසිෆික් සුදුසුකම් ලැබීමේ ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූවක්.