Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිඳු මෙන්ඩිස්ගෙන් අගනා ශතකයක්

2 years ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද (24) සිව්වන දිනය යි.

මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන එම තරගයේදී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඔහු පන්දු 173කට මුහුණ දී ලකුණු 101ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා.

කමිඳුගේ ඉනිම හතරේ පහරවල් 12කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් වුණා.

තරගයේ සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 291කි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 236ක් රැස්කළේය.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.