Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ වාහන 4000ක් අතුරුදහන්! විගණකාධිපති හෙළි කරයි!

2 years ago

පසුගිය කාල සීමාව තුළ ජනාධිපති ලේකම් කාර්යාලයද ඇතුළුව විවිධ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු යටතේ පැවති රජයේ වාහන හාර දහසක පමණ ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව විගණකාධිපති, ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා පවසයි. 

ඔහු මේ බව පවසා ඇත්තේ ලංකාදීප පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමිනි. 

අතුරුදන්ව තිබෙන වාහන පිළිබදව සම්පූර්ණ වාර්තාවක් නුදුරේ දී ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද විගණකාධිපතිවරයා වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සමග පවසා තිබේ.

එමෙන්ම, ගාලු මුවදොර ඇතුළුව ස්ථාන කිහිපයක අතහැර දමා ගොස් තිබුණු සුඛෝපභෝගී වාහන භාවිතා කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබදව පුළුල් විමර්ශනයක් සිදු කරන බවද ඔහු පවසා තිබේ.