Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩඩ්ලි සිරිසේන

ආණ්ඩු මාරු වුණු සැණින් ඩඩ්ලි සිරිසේනට මතක් වූ සහල්වල පාලන මිල

2 years ago

නව ජනාධිපතිවරයාට සහය දැක්වීමක් ලෙස අද (28) සිට රජයේ නීතිරීතිවලට යටත්ව පාලන මිලට සහල් නිකුත් කිරීමට කටයුතු කරන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

පසුගිය රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළද මහාපරිමාණ වීමෝල් හිමියන් වෙළඳපොලට සහල් නිකුත් කිරීම සිදු කළේ පාලන මිල ඉක්වමිනි.

එම නිසා ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවකටයි.

රජය පනවා ඇති පාලන මිලට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල වන්නේ කීරි සම්බා කිලෝවක් රු. 260ක්, සම්බා කිලෝවක් රු. 230ක් සහ නාඩු කිලෝවක් රු. 220ක් සහ, රතු කැකුළු කිලෝවක් රු. 210ක් ලෙසයි.

නමුත් ජනතාවට සහල් මිලදී ගැනීමට සිදු වුණේ අධික මිල ගණන් යටතේයි.

අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය දක්වමින් මෙම තීරණය ගත් බවයි.