Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුර සහ එක්සත් ජනපද තානාපතිනිය අතර හමුවක්

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබුණා.

එහිදී මෙරට නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා හට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ තානාපතිනිය, ප්‍රධාන වශයෙන් අවදානය යොමුකර තිබුණේ අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් එහිදී විශේෂ අවධානයක් යොමුකර තිබුණා.