ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් හෙට (02) මෙරටට පැමිණීමට නියමිතයි.
ඔවුන් ඔක්තෝබර් 04 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත බව සඳහන්.
මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රි ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම නව රජය ඔවුන් සමඟ මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහන ගැන සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර එම වැඩසටහනේ ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි.

