Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීන් රැසක් කාපු කෑමවලට පොලු තියලා! හිඟ බිල් නිසා වැටුප් ගෙවීම අත්හිටුවයි!

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගෙන් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් සැප්තැම්බර් මස දීමනාවෙන් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍ය වී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බැවින් එදින දක්වා ගණනය කර සැප්තැම්බර් මසට අදාළ මන්ත්‍රී දීමනාව ගෙවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පාර්ලිමේන්තු බළධාරීන් පවසනවා.

මේ අතර ඔවුනගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලයන්හි වැටුප් ගෙවිමේදීද 24 වැනිදා දක්වා දින ගනන ගණනය කර ඊට අදාළ වැටුප පමණක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇති අතර මින් පෙර සෑම මසකම 27 වැනිදා වනවිට මන්ත්‍රී දීමනාව ගෙවා අවසන් කර තිබුණි.