බස් රථ තුනක පරම අයිතිය අයිතිකරුවෙත පැවරීම සදහා අල්ලස් ලබාගත් බව කියන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුලු තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු මෙසේ ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නිලධාරියාට අමතරව දෙපාර්තමේන්තුවේ බස් රථ පැවරුම් අංශයේ විෂය ලිපිකරුවෙකු හා තැරැව්කරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව ඔවුන් ලබන 8 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

