Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක ගුරු දිනයට ජනපති, අගමැතිනි සහ හිටපු ජනපතිනියගෙන් සුබ පැතුම්

2 years ago

ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මෑත කාලයේ දියුණු වූ සෑම රටකම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනය බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් නව පුනරුදයක් ඇති කිරීමේ වැදගත්ම මෙවලම අධ්‍යාපනය බවට රජය හඳුනාගෙන ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

ලෝක ගුරු දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ගුරු දිනය වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ සුබ පැතුම් පණිවුඩය