Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නෙළුම් කුලුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට! සියදිවි නසා ගැනීමක්දැයි සැකයක්!

2 years ago

කොළඹ, නෙළුම් කුලුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් අද (07) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ජාත්‍යන්තර පාසලක සිසුවියක් බව පොලීසිය පැවසීය.

මෙය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක පළ කරන අතර මියගිය සිසුවියගේ පාසල් බෑගයේ තිබී ඇගේ පාසල් සපත්තු යුගළයද හමු වී තිබෙන බව පොලිසිය පැවසීය.

මියගිය සිසුවියගේ මළ සිරුර බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ඇය කාගේ කවුද සහ කුමන ප්‍රදේශයේ පදිංචිකාරියක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

දැනට එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම්කර මෙම සිසුවිය නෙළුම් කුළුණෙන් පහළට වැටුණාද ? පැන්නා ද? යන්න පිලිබඳ පොලිස් විමර්ශන සිදු කරන බව එම පෞද්ගලික සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.