Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ රැසක නාඩු සහල් හිඟයක් ?

2 years ago

රටේ ප්‍රදේශ කිහිපයක නාඩු සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බව වෙළඳුන් පවසනවා.

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

නාඩු සහල් කිලෝ 5,000ක් සහල් මෝල් හිමියන්ගෙන් මිල දී ගැනිමට, කීරි සම්බා කිලෝ 5,000ක් මිල දි ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ 5,000ක් ලබා ගැනිමට කීරි සම්බා කිලෝ 15,000ක් මිල දී ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙළඳසැල් තුල කීරි සම්බා තොග ගොඩ ගැසී ඇති බවත් සහල් වෙලෙදුන් පෙන්වා පවසනවා.

සහල් මෝල් හිමියන් සතුව තිබෙන කීරි සම්බා තොග අවසන් කර ගැනීම සඳහා එම සහල් මෝල් හිමියන් මෙවැනි ක්‍රමයක් අනුගමනය කරන බවත්, නාඩු සහල් කිලෝවක් රු218, සම්බා සහල් රු228 සහ කීරි සම්බා කිලෝවක් රු 257 වැනි තොග මිලකට නිකුත් කරන බවත් වෙළෙන්දන් පවසනවා.

ඒ අනුව, නාඩු සහල් කිලෝවක් රු 220, සම්බා රු 228, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවීමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලෙඳුන් කියා සිටින්නේ.