හිටපු ඇමතිවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මෙතෙක් භාර දී ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිල නිවාස 41ක් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරණය අවසන් වු වහාම ඔවුන්ට අදාළ නිල නිවාස භාර දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දීමක් කර තිබුණා.
දිගින් දිගටම නිල නිවාස භාරදීම පැහැර හරින පුද්ගලයින්ට එරෙහිව නීත්‍යනුකූලව ඉදිරි කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

