කළුතර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1000ක් පමණ යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, මහමැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමේ කටයුතු සිදුවීම හේතුවෙන්.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා ප්‍රකාශ කළේ, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ සහ ඒ අවට පොලිස් නිලධාරීන් 350 දෙනෙකු පමණ ආසන්නව සහ දුරස්ථව පොලිස් මාර්ග බාධක පිහිටුවීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම කැරළි මර්දන ඒකක යෙදවීමටත් පියවර ගෙන ඇති බව සඳහන්.
පෙළපාලි කණ්ඩායම් විසිරවීම සඳහා මාර්ග බාධක දිනය පුරා ක්‍රියාත්මක වනවා.
ඒ ඒ පොලිස් වසම් මට්ටමින් ආරක්ෂක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

