Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කන්තලේ ඉඩම් අක්කර 11,000ක් ජනතාවට බෙදා දෙන්න ජනපතිගෙන් උපදෙස්

2 years ago

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කර තිබුණා.