Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළැඹෙන 14 වෙනිදායින් පසු මෙරට කාලගුණයේ දැවැන්ත වෙනසක්

2 years ago

එළඹෙන 14 වනදායින් පසුව දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පවසනවා.

විශේෂයෙන් අකුණු අනතුරු ඇති වීමේ හැකියාව එම කාලය තුළ පවතින බවයි, අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර අද (11) පෙරවරු 6:00න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම අගය මිලිමීටර් 239ක් ලෙස සටහන් වී ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.