Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිලියන සීයක වන්දියක් ඉල්ලූ කෙහෙළිය සිය පෙත්සම ඉල්ලා අස්කර ගනී

2 years ago

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ මහතා විසින් ඉල්ලා අස් කර ගනු ලැබුවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවට අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම අයිතිවාසිකම් පෙත්සම වැඩ බලන අගවිනිසුරු මෘර්ද ප්‍රනාන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහත්ම මහත්මීන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලනු ලැබුවා.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටි පෙත්සමේ මෙසේ සඳහන් වනවා.