Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

2 years ago

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක වාහන අංගනයේ තිබී හමූ වූ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන නීතිවිරෝධීව එකලස් කරන ලද බී.එම්.ඩබ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා, හිටපු අමාත්‍යවරයාව ඊයේ(11) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 

කෙසේ වෙතත්, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ(11) දිනයේ දී පැමිණීමට නොහැකි බව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ සදහා වෙනත් දිනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ. 

මෙම මෝටර් රථ සිද්ධිය හේතුවෙන්, ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.