Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැතිනියට සංදේශයක් බාර දෙන්න කාන්තක්කුඩියේ සිට පාපැදියෙන් කොළඹට පැමිණි 14 හැවිරිදි පාසල් සිසුවිය

2 years ago

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබෙනවා.

ඒ, අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.

එහිදී ෆාතිමා නඩා සිසුවිය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත සංදේශයක් ද භාරදී තිබෙනවා.

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.