Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාස්පෝට් ගැටලුව විසඳෙන දිනය ගැන දැනුම්දීමක්

2 years ago

ලබන සඳුදා (21) දිනයේ සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

අද (15) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත් ඒ හේතුවෙන් එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

විජිත හේරත් මහතා තවදුරටත් සඳහන් කළේ උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බවයි.