Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක්

2 years ago

ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/- ක් දක්වා වන උපරිමයකට යටත්ව ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම ද, ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබා ගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලිටර 15 ක හා මසකට දින 25ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භුමිතෙල් ලීටරයකට රුපියල් 25/- ක “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දී තිබෙනවා.