Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනාගේ නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට නොතීසි

2 years ago

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩු 07කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(15) නියම කළා.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. 

ඒ අනුව අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු වෙත මෙම නොතීසි නිකුත් කර තිබේ.