සීෂෙල්ස් හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් නීතීඥ වින්සන්ට් පෙරේරා බදාදා රාජ්‍ය මන්දිරයේදී දිවුරුම් දුන් බව වාර්තා වේ.
සීෂෙල්ස් හි නීතිපති කාර්යාලයට රජයට නීති උපදෙස් ලබාදීමේ වරම ඇති අතර එය රටේ අපරාධ නඩු පැවරීමේ සේවාව වේ.
රජය අන්තර්ජාතික ගිවිසුම්, සම්මුතීන් මෙන්ම රජය ඇතුළු වන අනෙකුත් සංකීර්ණ ගිවිසුම් අත්සන් කරන විට නීතිමය පදනමක් සහතික කිරීම ද එහි වගකීම වේ.
ශ්‍රී ලංකාවේ උපන් වින්සන්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධියක් ද ලබා ඇති අතර, ඔහු එරට නීතිපතිවරයා ලෙස පත්වීමට පෙර, සීෂෙල්ස් හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස සේවය කළේය.
ඔහු ඉදිරි වසර හතර සඳහා එම ධූරයේ කටයුතු කරනු ඇත.

