Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුවියන් රෝහල්ගත කළ HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2 years ago

සෞඛ්‍ය අමාත්‍යංශය විසින්, ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සදහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව කරුණු දක්වා තිබෙනවා.

අදාළ සිසුවියන් තුළ නිරීක්ෂණය කරන ලද රෝග ලක්ෂණ දිගුකාලීන හානියක් සිදු නොවන, එන්නත ලබාදෙන මොහොතේ ඇති වූ කාංසා තත්ත්වය ආශ්‍රිත ප්‍රතික්‍රියාවක් බවයි, එහි සඳහන්ව ඇත්තේ.

අදාළ සිසුවියන් වෙත එහිදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

පාසල් එන්නත් වැඩසටහන්වලදී එවැනි ප්‍රතික්‍රියා දැකිය හැකි අතර, අනවශ්‍ය කැළඹීමකට පත් නොවිය යුතු බවද එම නිවේදනයේ සඳහන් වනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව සාමාන්‍ය ක්‍රියාදාම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එහි සඳහන් වනවා.

HPV එන්නතෙහි ආරක්ෂාව පිළිබදව විශ්වාසය තහවුරු කර ගන්නා ලෙසත්, නියමිත එන්නත් මාත්‍රාවන් සම්පූර්ණ කිරීමෙන් තම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.