Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උදය ගම්මන්පිල ඇමති විජිතගෙන් හමුවීමට වෙලාවක් එල්ලයි

2 years ago

තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් භාරදීමට දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අමාත්‍ය විජිත හේරත් මහතාට ලිපියක් යොමු කළ බව සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊයේ (18) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

තමන් එම ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙළි කළ යුතු බව පැවසූ ආණ්ඩුව බලයට පත්වූ පසු එය සිදු නොකිරීම බරපතල ගැටලු‍වක් බවද උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන්නා.

එමෙන්ම ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ නොකරන බවද ඔහු අවධාරණය කළා.

ඒ අනුව කොමිෂන් වාර්තා පමණක් ප්‍රසිද්ධ කරන බවයි ඔහු එහිදී කියා සිටියේ.