ඩෙංගු රෝගය යළිත් වරක් උත්සන්නවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
මේ වසර තුළ මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 41128ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ මාසයෙහි ගතවු දින 19 තුළ පමණක් රෝගීන් 1717 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
රෝගීන් වැඩිම පිරිසක් මේ වසරේ දී වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව දසදහස් තුන්සිය තිහක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 4864 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මේ වසර තුළ ඩෙංගු මරණ 20ක් සිදුව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

