ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල කිසිඳු ලාංකිකයෙකු නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා සඳහන් කළේ එරට සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිත බවයි.
තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවෙස්නය තුළ ලාංකිකයින් 15 දෙනෙකු සිටින බවද, ඔහු සඳහන් කළා.
එරට සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බව කපිල ජයවීර මහතා වැඩිදුරටත් පැවසුවා.
ඊශ්‍රායලය, ඊයේ (19) ලෙබනනයට ගුවන් ප්‍රහාර 12 ක් පමණ එල්ල කර තිබුණා.

